Saturday, April 20, 2024

General line - 0115112241

ඉන්දියාව කපා දමා ලොව වටිනාම 20-20 කණ්ඩායමට ශ්‍රී ලංකාවෙන් අසලංක සහ හසරංග




නිමා වූ පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය පාදක කර ගනිමින් ලොව වඩාත් වටිනාම කණ්ඩායම මේ වනවිට ප්‍රකාශයට පත්කර තිබෙනවා. 

ඒ, තරග 45 ක් පුරා ක්‍රීඩකයින් දැක්වූ දක්‍ෂතා සැලකිල්ලට ගනිමින්. එහි විශේෂත්වය වන්නේ කිසිදු ඉන්දීය ක්‍රීඩකයෙකු මෙම කණ්ඩායමට ඇතුළත් නොවද්දී ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයින් දෙදෙනෙකු ඊට නම් කිරීමයි.

 එම ක්‍රීඩකයින් වන්නේ චරිත් අසලංක සහ වනිදු හසරංගයි. ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ විචාරකයින් සහ මාධ්‍යවේදීන්ගේ දත්ත, අදහස් සහ ප්‍රතිචාර සැලකිල්ලට ගනිමින් මෙම කණ්ඩායම නම් කර තිබෙනවා.

ඊට ඇතුළත් ක්‍රීඩකයින් වන්නේ ඔස්ටේ්‍රලියාවෙන් ඩේවිඩ් වෝනර්, ජෝස් හේස්ල්වුඩ් හා ඇඩම් සම්පා, එංගලන්තයෙන් ජොස් බට්ලර් හා මොයින් අලී, පකිස්තානයෙන් බාබර් අසාම්, දකුණු අප්‍රිකාවෙන් ඒඩ්න් මාක්‍රාම් හා ඇන්රිච් නොට්ජේ, නවසීලන්තයෙන් ටි්‍රන්ඩ් බෝල්ට්. 12 වන ක්‍රීඩකයා ලෙස පකිස්තානයේ ශහීන් ෂා අෆ්රිඩි නම් කර තිබෙනවා. 

ඉකුත්වර ලෝක ශූරයින් වූ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමෙන් හා පෙරළිකාර ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ කිසිදු ක්‍රීඩකයෙකු ලොව වඩාත් වටිනාම 20-20 කණ්ඩායමට නම්කර නොතිබීම විශේෂත්වයක්.