Wednesday, April 24, 2024

General line - 0115112241

අමෙරිකානු ජනපති සහ චීන ජනපති අතර තීරණාත්මක සාකච්ඡාවක්




අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් හා චීන ජනාධිපති සී ජින් පින් අතර තීරණාත්මක සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

ඒ, වීඩියෝ  තාක්ෂණය හරහායි. කරුණු කිහිපයක් සම්බන්ධයෙන් දෙරට අතර මතභේදාත්මක තත්ත්වයක් පවතින පසුබිමක් තුළයි මෙම සාකච්ඡාව පැවැත්වුණේ.

කෙසේවෙතත් ජෝ බයිඩ්න් අමෙරිකාවේ ජනාධිපතිධූරයට පත්වීමෙන් අනතුරුව චීන ජනාධිපතිවරයා සමග පැවැත්වූ වැදගත්ම සාකච්ඡාව එය බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ. සාකච්ඡාවේදී ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබෙනවා.

තායිවානය, දෙරටේ වෙළඳාම සහ මානව හිමිකම් වැනි කරුණු සම්බන්ධයෙන් නායකයින් දෙපලගේ අවදානය යොමුව තිබුණා.

සාකච්ඡාව ආරම්භ කරමින් අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් පවසා තිබුණේ දෙපාර්ශවයේ එදිරිවාදිකම් විවෘත ගැටුමකට පරිවර්ථනය කර නොගැනීම සම්බන්ධයෙන් දෙරටටම වගකීමක් ඇති බවයි.

 ඊට ප්‍රතිචාර දක්වමින් චීන ජනාධිපතිවරයා පවසා ඇත්තේ දෙරටේ සන්නිවේදන ක්‍රියාවලිය හා අභියෝගවලට එක්ව මුහුණ දීම තවත් ශක්තිමත් කර ගත යුතු බවයි. එහිදී දේශගුණ විපර්යාසයන්ට මුහුණදීම හා කොවිඩ් මර්දන ක්‍රියාවලිය සම්බන්ධයෙන් ද වැඩි අවධානයක් යොමුවූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.