Thursday, April 25, 2024

General line - 0115112241

කබඩි සම්මේලනය දැඩි තීරණයක් ගනී




ජාතික යොවුන් ක්‍රීඩා උළෙලේ තරග විනිශ්චය කටයුතුවලින් ඉවත් වීමට  ශ්‍රී ලංකා කබඩි සම්මේලනය තීරණය කර තිබෙනවා.

ඒ, කබඩි තහනමකට ලක්ව සිටින කිහිපදෙනෙකු අදාළ තරග විනිශ්චය සඳහා එක්කර ගැනීම හේතුවෙන්. ඊට විරෝධය පළ කරමින් තමන් මෙවර ජාතික යොවුන් ක්‍රීඩා උළෙලේ තරග විනිශ්චය කටයුතුවලින් ඉවත්වීමට තීරණය කළ බවයි ශ්‍රී ලංකා කබඩි සම්මේලනය සඳහන් කළේ.

කුරුණෑගල දිස්ත්‍රික් කබඩි තේරීම් තරගවලදී ඇතිවූ නොසන්සුන්තාව ද මෙවැනි තීරණයක් ගැනීමට හේතුවූ බව එම සම්මේලනය සඳහන් කළා.