Friday, March 29, 2024

General line - 0115112241

වසර 02 කට පසු ජාත්‍යන්තර ජයග්‍රහණයක් සමග ශ්‍රී ලංකා පාපන්දු පිළ අගමැති කුසලානයේ අවසන් මහා තරගයට




අගමැති මහින්ද රාජපක්ෂ කුසලාන සිව්කොන් පාපන්දු තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකා පාපන්දු කකණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත් වුණා. ඒ මූලික වටයේ අවසන් තරගයේදී ගෝල දෙකට එකක් ලෙස බංග්ලාදේශය පරාජය කරමින්. තරගය පැවැත්වුණේ කොළඹ තුරග තරග පිටියේදීයි.

මෙම තරගයේ මුල සිටම ආක්‍රමණශීලී තරග රටාවක නිරත වූ ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පළමු ගෝලය වාර්තා කිරීමට වසීම් රසීක් සමත් වුණා. ඒ තරගයේ 25 වන විනාඩියේදී. තරගයේ මුල් අර්ධය වන විට ඉදිරිපෙළ ක්‍රීඩක කවිඳූ ඉෂාන් පාදයේ අබාධයකට ලක් වූ අතර ඔහු වෙනුවෙන් ආදේශ කෙරුණු ඩිලන් ද සිල්වාට ද පාදයේ අබාධයක් හේතුවෙන් විනාඩි කිහිපයකට පසු පිටියෙන් ඉවත් විට සිදුවුණා. 

තරගයේ 71 වන විනාඩියේදී බංග්ලාදේශයේ ජුවෙල් රානා තම කණ්ඩායම වෙනුවෙන් පළමු ගෝලය වාර්තා කිරීමට සමත් වුණා. කෙසේවෙතත් තරගයේ 89 වන විනාඩියේදී හිමි වූ දඬුවම් පහර සාර්ථක කර ගැනීමට වසීම් රසීක් සමත් වීමත් සමඟ ගෝල දෙකට - එකක් ලෙස තරගය ජයග්‍රහණය කිරීමට 

ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. තරගයේ වීරයා ලෙස සම්මාන දිනා ගත්තේ වසීම් රසීක්.