Wednesday, April 24, 2024

General line - 0115112241

බිස්නස් එකට බැංකුව



සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකින් දිරිගැන්වීම සඳහා අයවැයෙන් ඉදිරිපත් කර ඇති යෝජනා මගින් ප්‍රයෝජන ගැනීමට ව්‍යවසායකයින් යොමුවිය යුතු බව මොරටුව විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දිනේෂ් සමරසිංහ පවසනවා. ව්‍යවසායකින් බලගන්වන ජාතික මෙහෙවර - නෙත් එෆ් එම් අන්ලිමිටඩ් කණපිට වැඩසටහනට ඊයේ එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා. 

බැංකු සහ ව්‍යවසායකයින් අතර පැවතිය යුතු සබඳතා පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවට ගැනුණා. ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ ලංකා බැංකුවේ නියෝජ්‍ය මහා කළමනාකරු නිමැවුම් හා බැංකු සංවර්ධන වයි ඒ ජයතිලක. 

ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් කණපිට මෙම සම්පූර්ණ වැඩසටහන බැලුම්ගල ෆේස්බුක් පිටුවෙන් හා බැලුම්ගල යූ ටියුබ් නාලිකාවෙන් නැරඹිය හැකියි.