Saturday, April 20, 2024

General line - 0115112241

ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස උමාර් ගුල් පත්කරයි




ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අදියරේ දී ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පාකිස්තාන හිටපු වේග පන්දු යවන ක්‍රීඩක උමාර් ගුල් පත් කර තිබෙනවා.

එම පත් කිරීම තාවකාලිකව සිදු කර ඇති බවයි කණ්ඩායමේ කළමණාකරු අසාම් ඛාන් සදහන් කළේ. පළමු අදියරේ දී එම කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළේ පකිස්තාන කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයෙකු වූ මොයින් ඛාන්.

ඔහුගේ පුහුණුකාරීත්වයෙන් යුතු ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම ඛඡඛ පළමු අදියරේ දී අනුශූරතාවය ද දිනා ගැනීමට සමත් වුණා.

කෙසේ වෙතත්, ඔහුගේ පුත්‍රයාගේ විවාහ උත්සවය යෙදී ඇති බැවින් මෙවර ඛඡඛ තරගාවලියට සම්බන්ධ වීමේ අවස්ථාව මොයීන් ඛාන්ට අහිමි වී තිබෙනවා.

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවැනි අදියර ලබන දෙසැම්බර් 5 වනදා සිට 23 වනදා දක්වා කොළඹ දී හා හම්බන්තොට දී පැවැත්වීමට නියමිතයි.