Friday, March 29, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ඉවත්වන දවස කියයි 




එළඹෙන බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියෙන් පසුව තමා ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු නොකරන බව වත්මන් පුහුණුකරු මිකී ආතර් පවසනවා. 

ඒ, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග ඇති කොන්ත්‍රාත් ගිවිසුම් කාලය නිමා වීම හේතුවෙන්. 

තමා පුහුණුකරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම භාර ගන්නා අවස්ථාවට වඩා ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට ඉහළ මට්ටමක සිටින බවයි මිකී ආතර් පැවසුවේ.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් මිකී ආතර් ක්‍රීඩකයින්ට සහ මෙරට ප්‍රේක්ෂකයින්ට සිය ස්තූතිය පළ කිරීමටයි කටයුතු කර ඇත්තේ.

 “මේ විශිෂ්ඨ රටේ පුහුණුවීම් කළ සෑම මිනිත්තුවකටම මම ආදරය කරනවා” යනුවෙන් ද ඔහු එහිදී සඳහන් කර තිබෙනවා.

මේ අතර, මිකී ආතර් සිය කණ්ඩායමේ ක්‍රිකට් ප්‍රධානියා ලෙස පත් කළ බව එංගලන්තයේ ඩර්බිෂයර් කණ්ඩායම අද නිවේදනය කළා.