Friday, April 26, 2024

General line - 0115112241

විස්සයි විස්ස අනුශූරයින් ඉන්දියාවට පරදියි




සංචාරක නවසීලන්ත කණ්ඩායම සමඟ පැවති පළමු පන්දුවාර 20 ක්‍රිකට් තරගයෙන් කඬුලු 05 ක ජයක් වාර්තා කිරීමට ඉන්දිය කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත් වුණා. 

මෙවර පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අනුශූරයින් වූ නවසීලන්තය එම තරඟාවලියෙන් පසු සහභාගී වූ පළමු විස්සයි 20 තරඟයද මෙයයි. 

ජායිපූර්හි පැවති මෙම තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 20 දී කඬුලු 06 ක් දැවී ලකුණු 164 ක් රැස් කළා.

ඉන්දිය කණ්ඩායම එම ඉලක්කය පසු කර ගියේ අවසන් පන්දුවාරයේදියි. 

බිදවැටුණු කඩුලු සංඛ්‍යාව 05 ක්. අවසන් පන්දුවාරයේදී ජයග්‍රහණය සඳහා ඉන්දිය කණ්ඩායමට ලකුණු 10 ක් ලබාගත යුතුව තිබුණා. 

ඉන්දිය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගිය සූර්්‍ය කුමාර් යාදෙව් පන්දු 40 කදී රැස් කළ ලකුණු සංඛයාව 62 ක්. තරඟ 03 කින් සමන්විත මෙම තරඟාවලිය එකට බිංදුවක් ලෙස ඉන්දිය කණ්ඩායම පෙරමුණ ගෙන සිටිනවා.