Saturday, April 20, 2024

General line - 0115112241

පුර්ණ එන්නත්කරණයට ලක්නොවූ ජර්මානුවන්ට තහංචි පැනවෙයි




පූර්ණ එන්නත්කරණයට ලක් නොවූ පුද්ගලයින් සම්බන්ධයෙන් දැඩි සීමා පැනවීමට ජර්මනිය තීරණය කර තිබෙනවා. ඒ, එරටින් වාර්තා වන දෛනික කොරෝනා ආසාදිතයින් සීග්‍රයෙන් වැඩිවීම සැලකිල්ලට ගනිමින්. ඒ අනුව පූර්ණ එන්නත්කරණයට ලක් නොවූ පුද්ගලයින්ට ප්‍රධාන ස්ථානවලට ඇතුළුවීම වළක්වනු ඇති බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. 

දෛනික රෝගීන් වාර්තාවීම ඉහළයාමත් සමග ජර්මනියේ රෝහල් පද්ධතියටද බලපෑම් එල්ල වී තිබෙනවා. ඒ අනුව එන්නත්කරණයට ලක් නොවූ පුද්ගලයින්ට දැඩි සීමා පැනවෙන්නේ රෝහල් පද්ධතියේ සීමා ඉක්මවා යමින් ඇති ප්‍රදේශවලයි. ඒ සදහා ජර්මනියේ සියලු ප්‍රාන්ත ප්‍රධානීන් එකඟතාව පළ කර ඇති බවද විදෙස් මාධ්‍යයන්හි සදහන්. 

ජර්මන් චාන්සලර් ඇන්ජෙලා මර්කල් අවධාරණය කර ඇත්තේ කොවිඩ් තවදුරටත් ව්‍යාප්තවීමට පෙර වහා ඊට එරෙහිව පියවර ගත යුතු බවයි. ඇය එසේ පවසන විටත් ඊයේ දිනයේදී ජර්මනියෙන් දෛනික ආසාදිතයින් 65,000 ක් වාර්තා වුණා. එය කොවිඩ් ව්‍යාප්තිය ආරම්භවූ දින සිට ජර්මනියෙන් වාර්තා වූ ඉහළම දෛනික ආසාදිතයින් සංඛ්‍යාවයි.