Thursday, April 25, 2024

General line - 0115112241

මුව ආවරණයෙන් කොවිඩ් අවධානම අඩකින් අඩුවන බව හෙලිවෙයි




කොවිඩ් අවදානම අඩකින් අවම කර ගැනීමට මුව ආවරණ භාවිත කිරීමෙන් හැකි බව බ්‍රිතාන්‍යයේ සිදුකළ නවතම සමීක්ෂණයකදී අනාවරණය වී තිබෙනවා. ඔවුන් පවසන්නේ මුව ආවරණ භාවිතය හේතුවෙන් කොවිඩ් අවදානම සියයට 53 කින් අඩුවන බවයි.

මුව ආවරණ භාවිතය සම්බන්ධයෙන් ලොව සිදුකළ පළමු ප්‍රධාන අධ්‍යයනය මෙය වනවා. එය සිදුකර ඇත්තේ එන්නත්කරණය සාර්ථකව සිදුවූ රටවල පවා නැවතත් කොවිඩ් හිස එසවීම සම්බන්ධයෙන් අවධානය යොමු කරමින්. එහිදී හෙළිවී ඇත්තේ එන්නත්කරණයේ විශ්වාසය මත බොහෝ රටවල් සීමා ඉවත් කිරීම වඩාත් අවදානම් වී ඇති බවයි.

මේ අතර අද නිකුත් වූ නවතම විදෙස් මාධ්‍යයන්හි දැක්වෙන්නේ යුරෝපා රාජ්‍යයක් වන ඔස්ට්‍රියාව ලබන සදුදා සිට සම්පූර්ණයෙන්ම ලොක්ඩවුන් කිරීමට තීරණය කර ඇති බවයි. එය අවම වශයෙන් දින 20 ක් පවතිනු ඇති බවද සදහන්. ඔස්ට්‍රියාව අද මෙම තීරණය ගෙන ඇත්තේ යුරෝපයේ ඇති සීග්‍ර කොවිඩ් ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින්.