Thursday, April 25, 2024

General line - 0115112241

කොවිඩ් පාලන රෙගුලාසිවලට එරෙහි විරෝධතාවකට නෙදර්ලන්ත පොලීසියෙන් වෙඩි




නෙදර්ලන්තයේ කොවිඩ් පාලනය සඳහා පනවා ඇති නව කොන්දේසිවලට විරෝධය පළ කරමින් පැවැත්වෙන උද්ඝෝෂණ ප්‍රචණ්ඩ මුහුණුවරක් ගෙන තිබෙනවා. 

රොටර්ඩෑම් නගරයේ විරෝධතාවලට එක්ව සිටි පිරිස් කලහකාරීව හැසිරීම හේතුවෙන් එම තත්ත්වය පාලනය කිරීම සඳහා පොලීසිය වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ල කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. එහිදී අවම වශයෙන් පුද්ගලයින් දෙදෙනෙකෙු තුවාල ලබා ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා. 

විරෝධතාකරුවන් පොලීසියට ගල්මුල් ප්‍රහාර එල්ල කර ඇති අතර පොලිස් රථ කිහිපයකට ද ගිණි තබා තිබෙනවා. 

කලහාකාරී ලෙස හැසිරුණු 20 දෙනෙකු පමණ අත්අඩංගුවට ගෙන ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙනවා.

පොදු ස්ථානවලට ප්‍රවේශ වීම සඳහා කොවිඩ් මර්දන එන්නත්කරණ කාර්ඩ්පත් අනිවාර්්‍යය කිරීමට සහ නව අවුරුදු උදාව වෙනුවෙන් සැණකෙළි පැවැත්වීම තහනම් කිරීමට නෙදර්ලන්ත රජය ඉකුත්දා තීරණය කළා. ඊට එරෙහිවයි නෙදර්ලන්ත වැසියන් එම විරෝධතාවල නිරතව ඇත්තේ.