Saturday, April 20, 2024

General line - 0115112241

අසලංක බංකුවේ තබා ශ්‍රී ලංකා කණ්ඩායම හෙට ගාලු පිටියට




සංචාරක බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරඟ දෙකකින් සමන්විත ටෙස්ට් තරඟාවලිය හෙට ආරම්භ වනවා. ඒ ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදීයි. එම තරඟය සඳහා පිතිකරුවන් 06 දෙනෙකු, දඟ පන්දු යවන්නන් 03 දෙනෙකු සහ වේග පන්දු යවන්නන් දෙදෙනෙකු ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරන බවයි ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න අද පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ. 

පසුගිය 20 යි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේදී දක්ෂතා අතරට පැමිණි චරිත් අසලංක ටෙස්ට් සංචිතයට නම් කර සිටියද හෙට තරඟයේදී ඔහුට අවස්ථාවක් නොලැබෙන බවයි දිමුත් කරුණාරත්න එම මාධ්‍ය හමුවේදී අනාවරණය කළේ.

ඕෂධ ප්‍රනාන්දු, ධනංජය ද සිල්වා, ඇන්ජලෝ මැතිවුස්, රමේෂ් මෙන්ඩිස්, ප්‍රවීන් ජයවික්‍රම, ලසිත් ඇඹුල්දෙණිය, දුස්මන්ත චමීර සහ සුරංග ලක්මාල්ට කණ්ඩායමේ ස්ථාන හිමිව ඇති බවයි දිමුත් කරුණාරත්න එහිදී කියා සිටියේ.

ඉදිරියේදී නවක ක්‍රීඩකයින්ට ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම තුළ අවස්ථාවක් ලබාදීමට ඇති සූදානම පිළිබඳවද මාධ්‍යවේදීන් එහිදී ප්‍රශ්ණ කළ අතර ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායකයා ඊට පිළිතුරු ලබාදුන්නේ මෙලෙසයි.