Tuesday, April 23, 2024

General line - 0115112241

දිමුත් කරුණාරත්න ලකුණු 147ට දැවී යයි




සංචාරක බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයේ දෙවන දිනය අදයි.

දිවා ආහාරය සඳහා තරඟය නතර කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉණිම සඳහා කඬුලු 06 ක් දැවී ලකුණු 341 ක් රැස් කර සිටියා.

නොදැවී පන්දුවට පහර දෙන දිනේෂ් චන්දිමාල් ලකුණු 33 ක් සහ සුරංග ලක්මාල් ලකුණු 06 ක් ලබා සිටිනවා.

දිනයේ පළමු කඬුල්ල ලෙස දැවී ගියේ ලකුණු 61 ක් රැස් කරගෙන සිටි ධනංජය ද සිල්වායි.

ශ්‍රී ලංකා ඉණිම ඔසවා තැබූ නායක දිමුත් කරුණාරත්න ලකුණු 147 කට දැවී ගියා. රමේෂ් මෙන්ඩිස් රැස් කළේ ලකුණු 13 ක් පමණයි.

පන්දු යැවීමේදී රොස්ටන් චෙස් කඩුලු 03 ක් දවා ගත්තා. තරඟය පැවැත්වෙන්නේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදීයි.