Friday, April 26, 2024

General line - 0115112241

කොදෙව්වන් කඩුළු 6 ක් දැවී ලකුණු 113 ක් රැස් කරයි




ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කරන සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අද දිනය නිමා වනවිට කඩුළු 6 ක් දැවී ලකුණු 113 ක් රැස් කර සිටියා. 

පන්දු යැවීමේදී රමේෂ් මෙන්ඩිස් කුඩුළු 3 ක්, ප්‍රවීන් ජයවික්‍රම කඩුළු 2 ක් සහ ලසිත් ඇඹුල්දෙණිය එක් කඩුල්ලක් බිද හෙළුවා.

ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිමට සියළු දෙනා ලකුණු 386 ක් රැස් කළා. නායක දිමුත් කරුණාරත්න අගනා ලකුණු 147 ක් රැස් කළ අතර ඊට හතරේ පහර 15 ක් ඇතුළත් වුණා. 

ලකුණු 61 ක් රැස් කර සිටියදී අවාසනාවන්ත ලෙස ධනංජය ද සිල්වා දැවී ගියේ සිය පිත්ත කඩුල්ලේ ගැටීමෙන්. පැතුම් නිශ්ශංක ලකුණු 56 ක් හා දිනේෂ් චන්දිමාල් ලකුණු 45 ක් රැස් කළා. 

වෙනත් කිසිදු ක්‍රීඩකයෙකුට ලකුණු 18 සීමාව පසු කිරීමට කොදෙව් පන්දු යවන්නන් ඉඩ ලබාදුන්නේ නැහැ. රොස්ටන් චේස් කඩුළු 5 ක් බිද හෙළුවා. ගාල්ල ජාත්‍යන්තර ක්‍රිඩාංගණයේ පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගයේ තුන්වන දිනය හෙටයි.