Thursday, April 25, 2024

General line - 0115112241

LPL සියැසින් බලන්න සීමිත පිරිසකට අවසර




ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ දෙවන අදියරේ තරඟ නැරඹීම සඳහා සීමිත ප්‍රේක්ෂකයින් පිරිසකට ක්‍රීඩාංගන විවෘත කිරීමට අවසර හිමිව තිබෙනවා. 

ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ ට්විටර් සටහනක් තබමින් සඳහන් කළේ ඒ සඳහා සෞඛ්‍ය අමාත්‍යංශයේ අනුමැතිය මේ වන විට හිමිව ඇති බවයි. 

ක්‍රීඩා අමාත්‍යංශය සකස් කළ මාර්ගෝපදේශ සලකා බැලීමෙන් අනතුරුව ඊට අවසර හිමිවූ බවයි ක්‍රීඩා අමාත්‍යවරයා පැවසුවේ. ප්‍රේක්ෂකයින්ගෙන් තොරවූ ක්‍රිකට් ක්‍රීඩාවක් නොමැති බවද ක්‍රීඩා අමාත්‍යවරයා සිය ට්විටර් සටහනේ දක්වා තිබෙනවා.

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ දෙවැනි අදියර පැවැත්වීමට නියමිතව ඇත්තේ දෙසැම්බර් 5 වනදා සිට 23 වනදා දක්වායි.

 තරඟ 20කින් සමන්විත ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ පළමු වටයේ සියලු තරඟ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතයි. අවසන් වටයේ තරඟ හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.