Thursday, April 25, 2024

General line - 0115112241

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ පළමු ඉනිම ලකුණු 230 කට සීමාවෙයි 




සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වන දිනය අදයි. 

සිය දෙවන ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම මීට නොබෝ වේලාවකට පෙර කඩුළු 02 ක් දැවී ලකුණු  47 ක් රැස්කර ගෙන සිටියා. 

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ පළමු ඉනිම ලකුණු 230 කට සීමා වුණා. 

කොදෙව් පළමු ඉනිමේ අවසන් පිතිකරුවා ලෙස ෂැනන් ගේබ්‍රියල්  අද පෙරවරුවේ ලකුණු 2 කට දැවී ගියා. 

ඒ, ප්‍රවීන් ජයවික්‍රමගේ පන්දුවක් හමුවේයි. පන්දු යැවීමේදී ප්‍රවීන් ජයවික්‍රම ලකුණු 40 කට කඩුළු 4 ක් දවා ගත් අතර රමේෂ් මෙන්ඩිස් ලකුණු 75 කට කඩුළු 3 ක් දවා ගත්තා. 

මේවනවිට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 8 ක් අතැතිව බටහිර ඉන්දීය කොදෙව් පළමු ඉනිමට වඩා ලකුණු 207 ක් ඉදිරියෙන් සිටිනවා.