Thursday, April 25, 2024

General line - 0115112241

XAMPLE මෙරට අධ්‍යාපනික ක්ෂේත්‍රයේ විප්ලවීය වෙනසක් සිදු කරයි




Novelwall Sri Lanka ආයතනය විසින් මෙරට අ.පො.ස. සා/පෙළ සහ උ/පෙළ විභාගවලින් ඉහළ ප්‍රථිඵල ලබා ගැනීමට උත්සාහ කරන දරු දැරියන් වෙනුවෙන් Xample නමින් අන්තර්ජාලය ඔස්සේ ක්‍රියාත්මක වන ඉගෙනුම් මෙවලමක් නිර්මාණය කර ඇත.

අපගේ ඉදිරි පරපුරට යහපත් අනාගතයක් ගොඩනැඟීම සඳහා පරිපූර්ණ අධ්‍යාපනයක ඇති වැදගත්කම වටහා ගෙන ඇති Novelwall ආයතනය,
එම ආයතනයේ නිර්මාතෘ තුන්කු ඔස්මන්ඩ් මහතාගේ මගපෙන්වීම යටතේ Xample අන්තර්ජාල අධ්‍යාපනික සේවාව නිර්මාණය කර ඇත.

Xample මගින් මෙරට දරු දැරියන්ගේ ධනාත්මක ආකල්පයන් පෝෂණය කරමින්, නොපසුබට උත්සාහයෙන් යුතුව තම අධ්‍යාපනික ඉලක්කයන් වෙත සාර්ථකව ගමන් කිරීම සඳහා සහයෝගය ලබාදීමේ අරමුණින් නිර්මාණය කර ඇති අතර, මෙහි අන්තර්ගත වන ‘ පරීක්ෂණ හා පුනරීක්ෂණ (Testing " Revision) ’ පහසුකම සිසු දරු දැරියන්ට මෙන් ම, දෙමාපියන් සහ ගුරුවරුන් සඳහා ද බොහෝ වැදගත් විශේෂාංගයකි. 

මේ නිසා ම Xample මගින් සිසු දරු දැරියන්ගේ ආත්ම විශ්වාසය සහ නැවත නැගී සිටීමේ හැකියාව වර්ධනය කරන අතර ම එමගින් ගුරුවරුන්ට සහ දෙමාපියන්ට යම් අස්වැසිල්ලක් ලබා දෙයි.

COVID-19 වසංගතය ව්‍යප්ත වීමත් සමඟ ම මෙරට අධ්‍යාපනික ක්ෂේත්‍රය ගැටලු රාශියකට මුහුණපාන්නට විය. 

දුරස්ථ ඉගෙනුම් ක්‍රමවේද ඔස්සේ අධ්‍යාපනය ලැබීමට සිදුවීම සහ පන්ති කාමරයෙන් ඈත්වීම නිසා සිසු දරු දැරියන්ගේ අධ්‍යයන කටයුතු අඩාල විය. 

ඊට අමතරව, අධ්‍යන කටයුතු ඇගයීමේ ක්‍රියාවලිය බිඳවැටීම, පන්ති කාමරය තුළ මෙන් සිසුන්ගේ හැසිරීම සහ ක්‍රියාකාරකම් නිසිලෙස අධීක්ෂණය කළ නොහැකි වීම, සිසු සිසුවියන්ට ගුරුවරුන්ගෙන් සාමාන්‍ය පරිදි ප්‍රශ්න අසමින් ගැටලු නිරාකරණය කරගත නොහැකි වීම මෙන් ම, Online ඉගැන්වීම තුළ දී බොහෝ විට පන්ති කාමරය ගුරුවරයාගේ පාලනයෙන් බැහැර වීම ආදිය වර්තමානයේ බහුල වශයෙන් පැන නැගී ඇති ගැටලු ලෙස දැක්විය හැකි ය.

විශේෂයෙන් සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග සඳහා පෙනී සිටීමට නියමිත සිසු සිසුවියන්ට අවශ්‍ය පෞද්ගලික අවධානය සහ සුවිශේෂී, ක්‍රමානුකූල මග පෙන්වීම නොමැති වීම නිසා ඔවුන් වඩාත් ගැටලුකාරී තත්ත්වයකට මුහුණ දුන් අතර, එම තත්ත්වය නිසා ම දෙමාපියන් ද මානසික පීඩනයට ලක්ව ඇත. මෙම තත්ත්වයට සිසු දරු දැරියන් තුළ මෙන් ම ගුරුවරුන් තුළ ද විභාග සහ අධ්‍යාපනික ප්‍රමිතීන් පිළිබඳ නිසි අවබෝධයක් නොමැතිකම යම් මට්ටමකට හේතු වී ඇති බව පැවසුවහොත් එය නිවැරදි ය.

Xample තුන්කු ඔස්මන්ඩ් මහතාගේ මනසෙහි නිර්මාණය වූයේ මෙම කරුණු ද පෙරදැරිව ය. ඒ නිසා ම සිසු සිසුවියන්ගේ අධ්‍යාපනය වැඩිදියුණු කිරීම සහ විධිමත් කිරීම අරමුණු කරගත් විශේෂාංග රැසකින් එම සේවාව සමන්විත වේ. එමෙන් ම Xample සිසු සිසුවියන්ට අ.පො.ස. සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාගවලින් ඉහළම ප්‍රථිඵල කරා යාමට උපකාරී වන, විනෝදයෙන් අධ්‍යයන කටයුතු සිදුකළ හැකි, ශිෂ්‍ය කේන්ද්‍රීය අන්තර්ජාල අධ්‍යාපනික මෙවලමක් වන අතර එමගින් සූදානම, ඉදිරිපත් කිරීම, පුහුණුවීම් සහ කාර්ය සාධනය යන අධ්‍යාපනික සංකල්පයන් වර්ධනය කරගැනීමට පහසුකම් සලසයි. Xample මගින් ඕනෑම සිසුවෙකුට හෝ සිසුවියකට, අදාළ විෂයයන් පිළිබඳ සිය දැනුම ස්වයං පරීක්ෂාවකට ලක් කිරීමේ හැකියාව ලබා දෙයි. 

සෑම ප්‍රශ්නයකට ම සපයා ඇති සවිස්තරාත්මක අධ්‍යයන සටහන් සහ වසර 25 ක ආදර්ශ ප්‍රශ්න පත්‍රවලින් සමන්විත Xample මගින් සිසු සිසුවියන්ට සියලුම විෂයයන් හොඳින් ප්‍රගුණ කිරීම සඳහා අවස්ථාව ලැබේ.

Xample මගින් සිසු සිසුවියන් දුර්වල ම විෂය ක්ෂේත්‍රයන් හඳුනා ගනිමින්, ඒ ආශ්‍රිත දැනුම වැඩිදියුණු කරගන්නා තුරු අධීක්ෂණය කිරීම විශේෂිත ය.

එමෙන් ම විභාග සඳහා සිසු සිසුවියන් හුරු කරවමින් නියමිත කාලයට අනුකූලව ප්‍රශ්නපත්‍ර සඳහා පිළිතුරු ලිවීමේ පහසුකම් සහිත Xample මගින් එක් එක් කොටසෙහි සිසුන්ගේ ක්‍රියාකාරකම් පිළිබඳව පූර්ණ විශ්ලේෂණ වාර්තාවක් සපයයි. 

මෙම විශ්ලේෂණ පද්ධතිය මගින් ඕනෑම විෂයයක, ඕනෑම මාතෘකාවක් පිළිබඳව සිසුවා කෙතරම් ප්‍රවීණද යන්න ගණනය කළ හැකි අතර, එමඟින්
දෙමාපියන්ට, ගුරුවරයාට මෙන් ම අදාළ ශිෂ්‍යයාට ද තම මට්ටම හඳුනාගත හැකි ය. 

Xample වෙත ඕනෑම වේලාවක ප්‍රවේශ විය හැකි නිසා දෙමාපියන්ට පහසු වේලාවක තම දරුවාගේ අධ්‍යාපනික වැඩකටයුතු පිළිබඳව අධීක්ෂණය කළ හැකිය. 

තවද, බාහිර දැන්වීම් කිසිවක් Xample තුළ ප්‍රචාරය නොවීම සිසුන්ගේ අවධානය අධ්‍යාපන කටයුතු මත පමණක් රඳවා ගැනීමට උපකාරී වේ.

ශ්‍රී ලාංකේය අධ්‍යාපන ක්ෂේත්‍රය වෙත හඳුන්වා දී ඇති මෙම සුවිශේෂී අන්තර්ජාල අධ්‍යාපනික මෙවලම පිළිබඳව එහි නිර්මාතෘ තුන්කු ඔස්මන්ඩ් මහතා අදහස් දැක්වුවේ මේ අයුරිණි. “ගෝලීය මට්ටමින් සසඳන විට අපගේ තරුණ පරම්පරාව අධ්‍යාපනික ලෝකය තුළ ඉතා තරඟකාරී මට්ටමක පසු වෙනවා. 

ගෝලීය වශයෙන් අවධානය යොමු කළොත්, ඩිජිටල් අධ්‍යාපනයේ ප්‍රගතිය තුළින්සං වර්ධිත රටවල අධ්‍යාපනය සහ ඌන සංවර්ධිත රටවල අධ්‍යාපනය අතර යම් පරතරයක්නි ර්මාණය වෙලා තිබෙනව කිව්වොත් මම නිවැරදියි. 

වර්තමානයේ ඩිජිටල්කරණය වන අධ්‍යාපනික ක්‍රමවේදයන් වෙත සාර්ථකව අනුවර්තනය වෙමින්, මෙම අධ්‍යාපනික පරතරය අවම කරගැනීමට මේ රට සූදානම් බව මම විශ්වාස කරනවා.

“ අධ්‍යාපනය සඳහා තෝතැන්නක් වන එක්සත් රාජධානියේ ක්‍රියාත්මක වන අධි තාක්‍ෂණික සංවිධානයක් විදියට වගේ ම ඩිජිටල් ක්‍රමවේද නිර්මාණය සඳහා ඉන්දියාව සමඟ පූර්ව හවුල්කාරිත්වයක් සහිතව ක්‍රියාත්මක වන අපට මෙම ක්ෂේත්‍රය පිළිබඳව අත්දැකීම් රාශියක් තිබෙනවා. 

Xample කියන්නෙ ඕනෑම විෂයයක් පිළිබඳව යම් ශිෂ්‍යයෙකුගේ නිපුණතා මට්ටම මැන බැලීමට හැකියාව තිබෙන සේවාවක්. ශ්‍රී ලංකාවේ සමස්ත අධ්‍යාපන ක්ෂේත්‍රය වැඩිදියුණු කරමින්, අනාගත පරපුරට ලෝකයේ හොඳම අධ්‍යාපනික අවස්ථාවන් නිර්මාණයකර දීම අපගේ ප්‍රධානතම අරමුණක්. ”, යනුවෙන් ඔස්මන්ඩ් මහතා වැඩිදුරටත් පැවසුවේ ය.

ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රය තව බොහෝ දුර යා යුතු බව පවසන Novelwall ආයතනය Xample මගින් මෙරට අධ්‍යාපනයේ සමස්ත ප්‍රමිතීන් ඉහළ නැංවිය හැකි බව අවධාරණය කරයි.

අපගේ අනාගත පරපුරේ හැකියාවන් වර්ධනය කරමින්, සාමාන්‍ය අධ්‍යාපන සීමාවෙන් ඔබ්බට යාමට ඔවුන්ට පහසුකම් සැලසීම එම ආයතනයේ අපේක්ෂාවයි.

Novelwall ආයතනය එක්සත් රාජධානියේ සිසුන් සහ විශ්ව විද්‍යාල සඳහා සේවා ලබා දෙන වඩාත් විශ්වසනීය ආයතනයකි. 

එම ආයතනය අධ්‍යාපනය, අලෙවිකරණය සහ විකුණුම් යන ක්ෂේත්‍රවල වසර 100 කට වැඩි පළපුරුද්දකින් සහ අති දක්ෂ වෘත්තිකයින් කණ්ඩායමකින් සමන්විත අලෙවිකරණ ආයතනයකි."සෑම කෙනෙකුටම අධ්‍යාපනය ලැබීමේ සමාන අයිතිය ඇත"යන තේමාව ඔස්සේ ක්‍රියාත්මක වන Novelwall ආයතනය ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ප්‍රමිතීන් ඉහළ නංවමින්, ලෝකයේ හොඳම අධ්‍යාපන මට්ටම්වලට ප්‍රවිශ්ඨ වීම සඳහා ශ්‍රී ලාංකේය දූ පුතුන්ට අවස්ථාව උදාකර දෙයි. Xample හි මෙන් ම Novelwall හි නිර්මාතෘ වරයා වන තුන්කු ඔස්මන්ඩ් මහතා එක්සත්රා ජධානියේ ව්‍යවසායකයෙකු මන් ම ශ්‍රී ලාංකිකයෙකු වන අතර, ඒ මහතා සිය මව්බිමේ අධ්‍යාපනික ප්‍රමිතීන් ඉහළ නැංවීමේ ඒකායන අරමුණින් මෙම සංකල්පය ඉදිරිපත් කර ඇති බව පැවසිය යුතුම කරුණකි.