Friday, April 26, 2024

General line - 0115112241

කොදෙව් කණ්ඩායමට ගාලු තණතීරුව ගැන වැටහීමක් නැහැ - මැතිව්ස්




සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ අවසන් දිනය අදයි. ලකුණු 348 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යන කොදෙව් කණ්ඩායම ඊයේ දිනය නිමා වනවිට කඩුළු 6 ක් දැවී ලකුණු 52 ක් ලබා අසීරු අඩියක පසු වුණා. 

කොදෙව් කණ්ඩායමට ගාල්ල ක්‍රීඩාංගණයේ තණතීරුව පිළිබද නිසි අවබෝධයක් නොමැති බවයි තරගයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේදී ඇන්ජලෝ මැතිව්ස් පැවසුවේ.

ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 4 කට ලකුණු 191 ක් ලබා සිටියදී සිය දෙවන ඉනිම අත්හිටුවනු ලැබුවා. ශ්‍රී ලංකා පිල පළමු ඉනිම සදහා ලකුණු 386 ක් රැස් කළ අතර කොදෙව් පිල ඊට පිළිතුරු ලෙස ලබාගත්තේ ලකුණු 230 ක් පමණයි.