Friday, March 29, 2024

General line - 0115112241

කුසගිනි නිවන්න ඇෆ්ගනිස්තානයේ දැරියන් විකිණේ




පවතින දරැණු ආර්ථික අර්බුදය හමුවේ ඇෆ්ගනිස්තානයේ දැරියන් ළමා මනාලියන් ලෙස විකිණීම ඉහළ ගොස් ඇතැයි වාර්තාවනවා.

විදෙස් වාර්තා සදහන් කළේ,වයස අවුරැදු 13 -15 තරමෙි දැරියන්  වැඩිහිටි පුද්ගලයන්ගේ මනාලියන් ලෙස ලබාදීම බහුලව වාර්තා වන බවයි.

ඒ වෙනුවෙන් ලබා ගන්නා මුදල් පවුලේ සෙසු සාමාජිකයන්ට අවශ්‍ය ආහාර ලබාගැනීම සදහාත්,ණය පියවීම සදහාත් වැය කළ බව සිය දරැවන් මනාලියන් ලෙස ලබාදුන් මව්පියන් පිරිසක් පවසා තිබෙනවා.

අන් කළ හැකි දෙයක් නොවූ තැන කණගාටුවෙන් වුවද එවන් තීරණ ගැනීමට සිදුවූ බවයි ඔවුන් වැඩිදුරටත් පවසා ඇත්තේ.

මේ අතර අනාගතයේදී මනාලියන් ලෙස ලබාදෙන පොරොන්දුව මත කුඩා දැරියන් පෙන්වා ණය ලබා ගැනීම වැනි තත්වයන් ද ඇෆ්ගනිස්තානය තුළ කැපීපෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බව  සදහන්.

මේ අතර ලෝක ආහාර වැඩසටහන පවසා ඇත්තේ පවතින දරැණු ආර්ථික අර්බුදය එළෙසම පැවතියහොත් කෝටි හතරක් වන සමස්ත ඇෆ්ගනිස්තාන ජනගහනයම අන්ත දිලින්දන්ගේ මට්ටමට ඇද වැටෙනු ඇති බවයි.