Tuesday, March 19, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා - කොදෙව් ටෙස්ට් තරඟයේ පස්වන දිනය ඇරඹෙයි




සංචාරක බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයේ පස්වන දිනය මේ වන විට ආරම්භ වී තිබෙනවා.

දෙවැනි ඉනිම ක්‍රීඩා කරන සංචාරක බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම මේ වන විට කඩුලු 06 ක් දැවී ලකුණු 89 ක් රැස්කරගෙන සිටිනවා.

ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 4 ක් දැවී ලකුණු 191 ක් ලබා සිටියදී සිය දෙවන ඉනිම ඊයේ අත්හිටුවනු ලැබුවා. ශ්‍රී ලංකා පිල පළමු ඉනිම සඳහා ලකුණු 386 ක් රැස් කළ අතර කොදෙව් පිල ඊට පිළිතුරු ලෙස ලබාගත්තේ ලකුණු 230 ක් පමණයි.

කොදෙව් කණ්ඩායමට තරඟය ජය ගැනීමට නම් තවත් ලකුණු 259 ක් අද දිනය තුළ ලබාගත යුතු වනවා.

ඒ සඳහා ඔවුන් අතැතිව ඇත්තේ තවත් කඩුලු 04 ක් පමණයි. තරඟය පැවැත්වෙන්නේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීයි.