Thursday, April 25, 2024

General line - 0115112241

කාන්තා හිංසනයට එරෙහිව අත් පටි සහ ස්ටිකර් පැළඳ සමගි ජන බලවේගය පාර්ලිමේන්තුවට




පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි සම්බන්ධයෙන් කිසියම් දඩුවමක් ලබා නොදුනහොත් තමන්ට ජාත්‍යන්තරයට යාමට සිදුවන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල පවසනවා.

විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න පිළිබඳ ඉකුත්දා තිස්ස කුට්ටිආරච්චි මන්ත්‍රීවරයා සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දක්වමින් කිරිඇල්ල මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළා.

මේ අතර අද පාර්ලිමේන්තුවේදී වාචික පිළිතුරු අපේක්ෂාවෙන් රෝහිණී කවිරත්න මන්ත්‍රීවරිය මෙලෙස ප්‍රශ්ණයක් යොමු කළා. ඒ, අධ්‍යාපන ප්‍රතිසස්කරණ සම්බන්ධවයි.

මේ ඊට පිළිතුරු ලබාදුන් රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත.

තිස්ස කුට්ටිආරච්චි මන්ත්‍රීවරයාට දඩුවමක් ලබා දුන්නේ නම් පාර්ලිමේන්තුව තුළ මින් ඉදිරියට එවන් සිදුවීම් සිදු නොවනු ඇති බවයි රෝහිණී කවිරත්න මන්ත්‍රීවරිය මෙහිදී සඳහන් කළේ.

අද දින විපක්ෂයේ මන්ත්‍රීවරුන් තැඹිලි පැහැති පටියක් සහ “කාන්තාවන්ට එරෙහි හිංසනය නවත්වනු” මැයෙන් ස්ටිකරයක්ද පැළද පාර්ලිමේන්තුවට පැමිණ සිටියා. ඊට හේතුව සහ මන්ත්‍රී තිස්සකුට්ටිආරච්චි සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අද විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මෙලෙස අදහස් පළ කළා.

අයවැය කාරක සභා විවාදයේ 3 වන දිනය අදයි. විදේශ, කලාපීය සහයෝගිතා කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ සහ ජනමාධ්‍ය යන අමාත්‍යාංශවල සහ වැය ශීර්ෂයන් අද විවාදයට ගැනෙනවා.