Wednesday, April 24, 2024

General line - 0115112241

ආණ්ඩුව තවත් ගැසට් නිවේදනයක් අවලංගු කරයි




ජනාධිපති නීතීඥවරුන් පත් කිරීමට අදාල නව මාර්ගෝපදේශ ඇතුලත් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මාර්ගෝපදේශ 14 කින් යුත් එම ගැසට් නිවේදනය ප්‍රකාශයට පත්කර ඇත්තේ ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර විසින්.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ජනාධිපතිවරයාට පැවරී ඇති බලතලවලට අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අනුමත කරන ලද මාර්ගෝපදේශ 14 ක් යටතේ එම ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව ජනාධිපති නීතීඥවරුන් පත් කිරීම උපරිම වශයෙන් වසරකට එක් කණ්ඩායමකට සීමා කර ඇති අතර වසරකට පත් කරනු ලබන ජනාධිපති නීතීඥවරුන්ගේ සංඛ්‍යාව 10 නොඉක්මවිය යුතු බව ද එම ගැසට් නිවේදනයේ සඳහන්. ජනාධිපති නීතීඥවරයෙකු ලෙස පත්වීම නීතීඥවරයෙකුගේ අයිතිවාසිකමක් ලෙස නොසැලකිය යුතුද වනවා.

අයදුම්කරුවන් විසින් සෘජුව හෝ වක්‍රව තුන්වන පාර්ශවයක් මඟින් අදාළ අයදුම්පත සම්බන්ධව හෝ ජනාධිපති නීතඥවරයෙකු වශයෙන් පත් කිරීමට කිසිදු බලපෑමක් කිරීම නුසුදුසුකමක් ලෙස සලකන බවද නව ගැසට් නිවේදනයේ සඳහන්. එමෙන්ම තහවුරු කර ගැනීමේ ක්‍රියාවලියකින් පසු ජනාධිපති නීතීඥයින් ලෙස පත් කිරීමට යෝජිත පුද්ගලයින් පිළිබඳ අගවිනිසුරුවරයාගේ හෝ නීතිපතිවරයාගේ මතය ජනාධිපතිවරයාට විමසිය හැකි වනවා.

මේ අතර ජනාධිපති නීතීඥවරුන් පත් කිරීමට අදාල නව මාර්ගෝපදේශ ඇතුලත් ගැසට් නිවේදනය නිකුත් කිරීම සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යංශයේ උපදේශක ජනාධිපති නීතීඥ යූ ආර් ද සිල්වා මෙලෙස අදහස් පළ කළා.

එම ගැසට් නිවේදනයේ සඳහන් තවත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් ජනාධිපති නීතීඥ යූ ආර් ද සිල්වා කරුණු පැහැදිලි කළේ මෙලෙසයි.

මේ අතර 2019 ඔක්තෝම්බර් 29 වනදා නිකුත් කරන ලද ගැසට් නිවේදනය මඟින් ප්‍රකාශයට පත් කරන ලද ජනාධිපති නීතීඥයින් පත් කිරීම සම්බන්ධයෙන් වන මාර්ගෝපදේශ ද නව ගැසට් නිවේදනයෙන් අවලංගු කර තිබෙනවා.