Wednesday, April 24, 2024

General line - 0115112241

විදුලි සේවකයිනුත් වෘත්තිය ක්‍රියාමාර්ගයකට සැරසෙයි




විදුලි සේවකයින් දෙසැම්බර් 08 වනදා ලෙඩ නිවාඩු වාර්තා කර වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර තිබෙනවා.

රාජ්‍ය දේපළ විදෙස් රටවලට විකිණීමට එරෙහිව එලෙස ලෙඩ නිවාඩු වාර්තා කරන බවයි ලංකා විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තිය සමිති සංධානයේ කැදවුම්කරු රංජන් ජයලාල් පැවසුවේ.

මේ අතර හෙද පරිපූරක හා අතුරු වෛද්‍ය සේවා ඇතුලු වෘත්තිය සමිති 16 ක් ඊයේ ආරම්භ කළ දින දෙකක සංකේත වැඩ වර්ජනය අද දිනයේත් ක්‍රියාත්මකයි.

මේ හේතුවෙන් රෝහල් රැසක බාහිර රෝගී අංශවල කටයුතුවලට අද දිනයේද බාධා එල්ලවී ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් සඳහන් කළේ.