Friday, March 29, 2024

General line - 0115112241

කින්නියා නගර සභාවේ සභාපති අත්අඩංගුවට

අමදෝරු අමරජීව - ත්‍රිකුණාමලය




කුරුඤ්ඤංකේනි ප්‍රදේශයේ දි පාලම් පාරුවක් පෙරලි හය දෙනෙකු මියගොස් විසිදෙනෙකු තුවාල ලැබිමේ සිද්ධියට එම පාලම් පාරුව ධාවනයට අවසර දිමේ චෝදනාවට කින්නියා නගර සභාවේ සභාපති එස්.එච්.එම්.නලිම් අද (25) දහවල් කින්නියා පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවටගනු ලැබු සැකකරුගෙන් ප්‍රකාශ සටහන් කරගැනිමෙන් පසු  ත්‍රිකුණාමල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට කටයුතු කරන බව කින්නියා පොලිසිය පැවසුවේ. සභාපතිවරයා පවසන්නේ තමන් කිසිදු පාලම් පාරුවකට අවසර ලබා නොදුන් බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් කින්නියා පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.