Friday, March 29, 2024

General line - 0115112241

හෝමාගම නිවසකත් ගෑස් සිලින්ඩර පිපිරීමක් (PHOTOS)




පන්නිපිටිය, හෝකන්දර ප්‍රදේශයේ පදිංචි විශ්‍රාමික ගුරුවරයකුගේ නිවසෙහි ගෑස් සිලින්ඩරයක් පිපිරීමෙන් මුළුතැන්ගෙට අලාභානි සිදුවී ඇති බව පොලිසිය පවසනවා.

අද අලුයම් කාලයේදී මෙම පිපිරීම සිදු වී ඇති අතර ඒ අවස්ථාවේදී නිවැසියන් නින්දේ පසු වී ඇති බවයි පොලීසිය සඳහන් කරන්නේ.

මුළුතැන්ගෙයි දෙසින් පිපිරීමේ ශබ්දයක් ඇසීමෙන් අනතුරුව සිදු කළ පරික්ෂාවේදී ගෑස් සිලින්ඩරය තිබූ ස්ථානයෙන් ඉවතට පෙරලි ගොස් තිබු බවත් මුළුතැන්ගෙයි සිවිලිමට හා එහි තිබු භාණ්ඩ වලට අලාභානි සිදු වී ඇති බවයි පොලිසිය පැවසුවේ.

ගෑස් සිලින්ඩරයේ රෙගුලේටරය අසලින් ගැලවී ගොස් ගොස් මෙම පිපිරීම සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේ.

පසුගිය සති කිහිපය පුරාවට දිවයිනේ ප්‍රදේශ කිහිපයකින්ම ගෑස් සිලින්ඩර් පිපිරීම් සිදුවූ අතර එහි ආසන්නතම සිදුවීම ඉකුත් සති අන්තයේ දී කොළඹ රීඩ් මාවතෙන් වාර්තා විය.