Friday, March 29, 2024

General line - 0115112241

ආණ්ඩුවේම මැති ඇමතිවරු මැති සබයේදී හැප්පෙති




හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ හා රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර අතර පාර්ලිමේන්තුවේදී අද උණුසුම් සංවාදයක් ඇතිවුණා. 

ඒ, ඉකුත් දා පාර්ලිමේන්තුවේ පැවැති ජනාධිපති වැය ශීර්ෂ විවාදයේදී අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සිදුකළ ප්‍රකාශයකට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද ප්‍රතිචාර දැක්වීමත් සමගයි. 

රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර ද මෙහිදී දැඩි ස්වරයෙන් අදහස් පළ කළා. 

ඉන්පසුව අදහස් පළ කළේ සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධනයි. 

පසුව අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සභාවට පැමිණි අතර ඔහු තමන්ට එල්ල වූ චෝදනාවන්ට මෙලෙස ප්‍රතිචාර දැක්වුවා. 

අනතුරුව යළි අසුනෙන් නැගිට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අමාත්‍යවරයාගේ ප්‍රකාශයට පිළිතුරු දැක්වූයේ මෙලෙසයි. 

අනතුරුව හිටපු ජනාධිපතිවරයා සහ මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයා අතර මෙවන් සංවාදයක් ඇතිවුණා. 

මේ අතර සමගි ජනබලවේගයේ පාර්ලිම්න්තු මන්ත්‍රීවරුන් අද සභා ගර්භයට පැමිණ සිටියේ සිය අතෙහි තැබිළි පැහැති පටියක් පැළඳයි. කාන්තාවන්ට එරෙහි හිංසනය නවත්වනු යන මැයෙන් සඳහන් ස්ටිකරයක් ද ඔවුන් පැළඳ සිටීම විශේෂත්වයක්. 

අදට යෙදී ඇති කාන්තාවන්ට එරෙහි හිංසනය පිටුදැකීමේ ජාත්‍යන්තර දිනයට සමගාමීව පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චිගේ හැසිරීමට විරෝධය දැක්වීම සඳහා මෙලෙස සමගි ජනබලවේගයේ පාර්ලිම්න්තු මන්ත්‍රීවරුන් අද සභා ගර්භයට පැමිණ සිටියා. 

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහින්ද සමරසිංහ අද සිය පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයෙන් ඉල්ලා අස්වුණා. අමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපතිධූරය භාරගැනීම සඳහා තමන් මන්ත්‍රීධූරයෙන් ඉල්ලා අස්වන බවයි මන්ත්‍රීවරයා පැවසුවේ.