Thursday, April 25, 2024

General line - 0115112241

විදුලි ඉංජිනේරුවන් අද සිට අකුරට වැඩ




විදුලි ඉංජිනේරුවරුන් අද දහවල් 12 සිට අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කළා. 

ඒ, කෙරවළපිටිය බලාගාරයේ කොටස් පැවරීමට එරෙහිවීම ඇතුළු කරුණු 06 ක් මුල්කර ගනිමින්. 

අකුරට වැඩ කිරීමෙන් සිදුවන්නේ කුමක්ද? මේ, විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමයේ සභාපති සෞම්‍ය කුමාරවඩු. 

මේ අතර සෞඛ්‍ය සේවයේ වෘත්තීය සමිති 16 ක් එක්ව ආරම්භ කළ පැය 48 ක සංකේත වැඩවර්ජනය අද දෙවන දිනටත් ක්‍රියාත්මකයි. 

මේ හේතුවෙන් දිවයින පුරා රෝහල් කටයුතුවලට දැඩි ලෙස බලපෑම් එල්ල වී තිබූ බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ.