Thursday, April 25, 2024

General line - 0115112241

බලවත් රටක් ඉදිරියේ දණ නොනමන විදේශ ප්‍රතිපත්තියක් රටට අවශ්‍යයි - මන්ත්‍රී ඉමිතියාස් බාකීර් මාකර්




ලෝකයේ බලවත් රටවල් ඉදිරියේ දණ නොනමන විදේශ ප්‍රතිපත්තියක් රටට අවශ්‍ය බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්තියාස් බාකීර් මාර්කර් පවසනවා. ඒ, ඊයේ පැවති විදේශ කටයුතු අමාත්‍යාංශයේ අයවැය කාරක සභා අවස්ථා විවාදයට එක්වෙමින්.

විදේශ අමාත්‍ය මහාචාර්ය ජී එල් පිරීස් මෙහිදී සදහන් කළේ ජාත්‍යන්තරය සමග යහපත් සබඳතාවක් ගොඩනැගීම අඛණ්ඩව සිදුකරන බවයි.

සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පැවසුවේ රටේ ප්‍රශ්න විසදා ගැනීමට ජාත්‍යන්තර සහය ලබාගැනීමේදී ගැටළුවක් මතුව ඇති බවයි.

කලාපීය සහයෝගිතා කටයුතු පිළිබද රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරියද මෙහිදී අදහස් පළ කළා.

මේ අතර අයවැය කාරක සභා අවස්ථා විවාදයේ සිව් වන දිනය අදයි. අද දිනයේ විවාදයට ගැණෙන්නේ කෘෂිකර්ම අමාත්‍යාංශය සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ මෙන්ම එම අමාත්‍යාංශවලට අදාළ රාජ්‍ය අමාත්‍යාංශයන්හි  වැය ශීර්ෂයි. පාර්ලිමේන්තුව පෙරවරු 9.30 ට රැස් වනවා.