Friday, April 26, 2024

General line - 0115112241

තවත් පාතාල සාමාජිකයෙකු පොලිස් වෙඩි පහරින් මියයයි




සඟවා තිබූ ආයුධ සොයාගැනීමට පොලිස් නිලධාරීන් විසින් රැගෙන ගිය තවත් පාතාල කල්ලි සාමාජිකයෙකු පොලීසිය සිදුකළ වෙඩි තැබීමකින් මියගොස් තිබෙනවා. ඒ, කළුතර, දියගම ප්‍රදේශයේදීයි. මෙලෙස මිය ගොස් ඇත්තේ පාතාල කල්ලි සාමාජිකයෙකු වූ සන්ෂයින් සුද්දා ඝාතනයේ ප්‍රධාන සැකකරු වන හේවාලුනුවිලගේ ලසන්ත නමැත්තැයි. 

ඔහු තවත් අපරාධ රැසකට අවශ්‍යව සිටි සැකකරුවෙක්. කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විසින් සැකකරු අත්අඩංගුවට ගනු ලැබුවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව පැවසුවේ සඟවා තිබූ ආයුධ පෙන්වීමට ගිය අවස්ථාවේ සැකකරු පොලිස් නිලධාරීන්ට වෙඩි තැබීමට උත්සාහ කර ඇති බවයි. එහිදී පොලීසිය ප්‍රතිප්‍රහාර එල්ල කර ඇති අතර සඟවා තිබූ අත්බෝම්බයක් සහ පිස්තෝලයක් ද සොයාගෙන තිබෙනවා. 

මෙම සිද්ධියේදී තුවාල ලැබූ පොලිස් නිලධාරීන් දෙදෙනෙකුද ප්‍රතිකාර සදහා කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කර තිබෙනවා.