Tuesday, April 16, 2024

General line - 0115112241

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලෙන් කොවිඩි අසාදිතයින් 126ක් හමුවෙයි 




ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දි සිදුකරණු ලැබු රැපිඩ් ඇන්ටිජන් හා පි.සි.ආර් පරික්ෂණවලදි කොවිඩි අසාදිතයින් 126 දෙනෙකු හදුනාගෙන ඇති
බව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා පවසනවා. 

ඉකුත් 26 වැනිදින රැපිඩ් ඇන්ටිජන් පරික්ෂණ 437ක් සිදුකොට ඇති අතර ඉන් 19 දෙනෙකු කොවිඩි වෛරසය ආසාදනය වි ඇති බවට හදුනාගෙන ඇත. 

එමෙන්ම ඉකුත් 22 වැනිදින සිට 25 වැනිදින දක්වා දින 04ක කාලය තුලදි පි.සි.ආර්. පරික්ෂණ 794ක් සිදුකොට ඇති අතර ඉන්107 දෙනෙකුට කොවිඩි වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවි ඇති බවද රෝහල් අධ්‍යක්ෂකවරයා පවසයි.

මේ අතර ඉකුත් පැය 24 කාලය තුලදි කරාපිටිය ශික්ෂණ රෝහලට නව කොවිඩ් ආසාදිත රෝගින් 14 දෙනෙකු ඇතුලකර ඇති අතර කොවිඩි ආසාදිත මරණ 04ක් වාර්තා වි ඇති බවද රෝහල් අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් සදහන් කළේය.