Saturday, April 20, 2024

General line - 0115112241

මෙරට දෛනික විදුලි අවශ්‍යතාවයෙන් 75%ක් ජල විදුලියෙන් 




පසුගිය කාලසීමාවේ පැවති අධික වර්ෂාව හේතුවෙන් මේ දිනවල ජල විදුලි නිෂ්පාදනය මෙරට දෛනික විදුලි අවශ්‍යතාවයෙන් සියයට 75ක් පමණ  දක්වා ඉහල ගොස් තිබෙනවා. 

විදුලි බල අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන පැවසුවේ ගිගාවොට් පැය 44 ක් පමණ මේදිනවල දෛනිකව ජල විදුලිය නිෂ්පාදනය කරන බවයි. 

ජල විදුලිය නිපදවීමට යොදා ගන්නා ප්‍රධාන ජලාශ වල සමස්ථ ජල ධාරිතාවය සියයට 94 කට ආසන්න මට්ටමක පවතින බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා.  

එලෙස ජල විදුලි උත්පාදනය ඉහල යාම, පවතින ඩොලර් හිගයටද අස්වැසිල්ලක් වී ඇති බව ආර්ථික විෂ්ලේශකයින් පෙන්වා දෙනවා. 

ජල විදුලි උත්පාදනය අවම මට්ටමක පැවතුනේ නම් තාප බලාගාර සඳහා ඉන්ධන ගෙන්වීමට තවත් විශාල ඩොලර් ප්‍රමාණයක් වැය වන බැවින් ඩොලර් අර්බුදය උග්‍ර වීමට ඉඩ තිබූ බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.