Friday, March 29, 2024

General line - 0115112241

තිදෙනෙකු සමග මෝටර් රථයක් මහවැලි ගඟට පෙරළෙයි - මෝටර් රථය සහ අයෙකු අතුරුදන්




මහනුවර, ගුරුදෙණිය මාර්ගයේ ඉලුක්මෝදර ප්‍රදේශයේදී මෝටර් රථයක් මහවැලි ගඟට පෙරළී තිබෙනවා. 

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව සඳහන් කළේ අනතුර සිදුවන අවස්ථාවේ මෝටර් රථය තුළ පුද්ගලයින් තිදෙනෙකු සිට ඇති බවයි. 

මේ අතර ත්‍රීකුණාමලය, කින්නියා, කුරුඤ්ඤංකේනි ප්‍රදේශයේ ඉකුත් දා පාලම් පාරුවක් පෙරළීමෙන් සිදුවූ අනතුරෙන් තුවාල ලබා රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් පාසැල් දැරියක් අද පෙරවරුවේ මියගොස් තිබෙනවා. 

ඇය ත්‍රීකුණාමලය මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි අතර ඇගේ වයස අවුරුදු 06 ක්. ඒ අනුව එම අනතුරින් මේවනවිට පුද්ගලයින් 07 දෙනෙකු මියගොස් ඇති බවයි පොලීසිය පැවසුවේ. 

මෙම අනතුර සම්බන්ධයෙන් පාලම් පාරුවේ හිමිකරු සහ තවත් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.