Thursday, January 27, 2022

General line - 0115112241

පාන් ගෙඩියක මිල යළි ඉහළ යයි

470Views



ග්‍රෑම් 450 පාන් ගෙඩියක මිල අද මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 10 කින් ඉහළ දැමීමට සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. 

තිරිගු පිටි ඇතුළු නිෂ්පාදන ද්‍රව්‍යවල මිල ගණන් ඉහළ යාම හේතුවෙන් පාන් ගෙඩියක මිල මෙලෙස ඉහළ දැමීමට තීරණය කළ බවයි එම සංගමයේ සභාපති එන් කේ ජයවර්ධන සඳහන් කළේ. 

තිරිගු පිටි මිල ඉහළ යාම හේතුවෙන් කොත්තුවක මිල රුපියල් 10 කින් සහ කෙටි ආහාර වර්ගවල මිල හෙට සිට රුපියල් 05 කින් ඉහළ දමන බවයි ආපනශාලා හිමියන්ගේ සංගමය අද මාධ්‍ය හමුවක් කැඳවමින් සඳහන් කළේ.