Thursday, January 27, 2022

General line - 0115112241

බස්නාහිරට මිලි මීටර් 100 ට වැඩි තද වැසි 

451Views



දැදුරු ඔයේ ජල මට්ටම ඉහළ යමින් පවතින බැවින් පහත්බිම්වල වෙසෙන ජනතාව ඒ පිළිබඳ අවදානයෙන් පසුවිය යුතු බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. 

මේ, එහි අධක්‍ෂ, ජල කළමනාකරණ ඉංජිනේරු ඩී අබේසිරිවර්ධන. 

මේ අතර දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 01 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ. 

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ ඌව පළාත්වලත්, ගාල්ල, මාතර සහ මන්නාරම දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100 ට වැඩි තද වැසි ඇති විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.