දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිල අඩුවීම පිළිබඳ මාධ්‍ය මගින් ප්‍රචාරය වීමත් සමග තමන්ට විශාල අසාධාරණයක් සිදුවූ බව පවසමින් ව්‍යාපාරිකයින් සහ ගොවීන් මාධ්‍යවේදීන්ට බලපෑම් කිරීමේ සිද්ධියක් අද වාර්තා වුණා.
ඉකුත් සතියට සාපේක්ෂව විශාල වශයෙන් එළවළු තොග අඩුවීම සහ එළවළු මිලදි ගැනීමට පැමිණෙන වෙළෙන්දන්ගේ අඩුවීම පිළිබඳ තොරතුරු සොයා බැලීම සඳහා නෙත් නිවුස් වාර්තාකරු කාංචන ආරියදාස දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ නිරීක්ෂණයක නිරත වුණා.