Saturday, April 20, 2024

General line - 0115112241

අවුරැදු 15 ට අඩු දරැවන් යුද්ධයට යොදාගන්නා කණ්ඩායම් 58 ක් ගැන හෙළිවේ




වයස අවුරැදු 15 ට අඩු දරැවන් සන්නද්ධ ක්‍රියාකාරකම් සදහා යොදවාගන්නා අන්තවාදී සංවිධාන 58ක් පිළිබද තොරතුරු අනාවරණය වී තිබෙනවා.

ත්‍රස්ත මර්දන ක්‍රියාකාරකම් පිළිබද වාර්තාවක් මගින් අනාවරණය කර ඇත්තේ රටවල් 15 ක් ආශ්‍රිතව මෙම සංවිධාන 58 ක්‍රියාත්මකව පවතින බවයි.

මෙම රටවල් 15 ම ආසියාවේ සහ අප්‍රිකාවේ පිහිටා ඇති අතර අදාළ සංවිධාන බොහොමයක් ඉස්ලාමීය අන්තවාදී සංවිධාන බව ද හෙළිවී තිබෙනවා.

ළමුන් බදවා ගැනීමේදී අයිඑස්අයිඑස් සංවිධානය ඉතා ප්‍රබලව ක්‍රියාකාරීව සිටින බවත් රටවල් 34 කින් පමණ ඔවුන් ළමුන් බදවා ගැනීම් සිදුකර ඇති බවත් අදාළ වාර්තාවේ සදහන්.

ඉරාකය,සිරියාව, නයිජීරියාව,වැනි රටවල්වල ළමුන් බදවා ගැනීම,බහුලව සිදුවන බවද එම වාර්තා අනාවරණය කරනවා.

එම වාර්තාවේ වැඩිදුරටත් දැක්වෙන්නේ මෙහිදී වැඩිවශයෙන්ම සිදුවන්නේ ළමුන් බලහත්කාරයෙන් පැහැරගෙනයාම බවයි.