Friday, April 19, 2024

General line - 0115112241

දකුණු අප්‍රිකාවේ සිට පැමිණි 1000 ක් ගැන ඉන්දියාව විමසිල්ලෙන්




නොවැම්බර් මස 10 වනදා සිට මේ දක්වා කාලය තුලදී දකුණු අප්‍රිකාවේ සිට සංචාරකයින් 1000 ක් මුම්බායි ජාත්‍යන්තර ගුවන් තොටුපළ හරහා සිය රටට ඇතුළු වී ඇතැයි ඉන්දියාව පවසනවා.

එලෙස සිය රටට ඇතුළුවූ පුද්ගලයින් සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් පසුවන බවයි ඉන්දියාව පවසන්නේ. එලෙස දකුණු අප්‍රිකාවෙන් පැමිණ මේවනවිට රට තුළ සිටින පුද්ගලයින් වේ නම් තමන්ට ඇතිවන රෝග ලක්ෂණ සම්බන්ධයෙන් වහාම දැනුවත් කර ලෙසයි ඉන්දීය බලධාරීන් එම සංචාරකයින් වෙත දැනුම් දී ඇත්තේ.

ඉන්දියාව මෙම පියවර ගත්තේ දකුණු අප්‍රිකාවෙන් මුල්වරට හඳුනා ගැනුණු ඔමික්‍රෝන් ප්‍රභේදය මේවනවිට ලොව පුරා ව්‍යාප්ත වෙමින් ඇති පසුබිමක් තුළයි. දකුණු අප්‍රිකාවේ සිට ඉන්දියාවට පැමිණි සංචාරකයින් දෙදෙනෙකු කොරෝනා ආසාදිතයින් ලෙස ඉකුත් දා හඳුනා ගැනුණු අතර ඉන් එක් අයෙකුට ආසාදනය වී ඇත්තේ ඩෙල්ටා ප්‍රභේදය බව ඉන්දීය බලධාරීන් අද තහවුරු කළා.

කෙසේවෙතත් පවතින තත්ත්වය සම්බන්ධයෙන් ඉන්දියාවේ ප්‍රාන්ත රජයන් දැඩි විමසිල්ලෙන් පසුවනවා. රට අවදානමකට ලක්වීමට පෙර දකුණු අප්‍රිකාවෙන්, බොට්ස්වානා රාජ්‍යයෙන් හා හොංකොං රාජ්‍යයෙන් සංචාරකයින් ඉන්දියාවට ඇතුළුවීම වළක්වන ලෙයසි ප්‍රාන්ත අමාත්‍යවරුන් සෞඛ්‍ය අංශවලින් ඉල්ලීමක් කර ඇත්තේ.

මේ අතර ඔමික්‍රෝන් ප්‍රභේදයේ ව්‍යාප්තිය හමුවේ යුරෝපා රටවල් 06 ක් ඇතුළු තවත් රටවල් කිහිපයකින් සංචාරකයින්ට සිය රටට ඇතුළුවීම තහනම් කිරීමට හොංකොං බලධාරීන් තීරණය කළා.

විදෙස් වාර්තා පැවසුවේ කැනඩාවේ සිට පැමිණි පුද්ගලයෙකු ඔමික්‍රෝන් ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමත් සමග හොංකොං බලධාරීන් මෙම තීරණයට එළඹ ඇති බවයි. ඒ අනුව ඔස්ට්‍ර්ලියව, බෙල්ජියම, ජර්මනිය, ඉතාලිය, චෙක් ජනරජය, ඩෙන්මාර්කය හා ඔස්ට්‍රේලියාව , කැනඩාව, ඊශ්‍රායලය යන රටවල පසුගිය දින 21 දී සංචාරයේ නියුතු හොංකොංහි නේවාසික නොවන වැසියන්ට  අනිද්දා සිට හොංකොං වෙත ඇතුළුවීමට අවස්ථාව හිමිවන්නේ නැහැ. හොංකොං රාජ්‍යයය මේවනවිටත් අප්‍රිකානු රටවල් 08 ක වැසියන්ට සිය රටට ඇතුළුවීම තහනම් කර තිබෙනවා.

මේ අතරඕස්ට්‍රේලියාවෙන් හඳුනාගෙන ඇති ඔමික්‍රෝන් ආසාදිතයින් සංඛ්‍යාව 05 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ ඊයේ එරටින් තවත් ඔමික්‍රෝන් ආසාදිතයින් 03 දෙනෙකු වාර්තා වීමත් සමගයි. ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වන එම සියලු ආසාදිතයින් දකුණු අප්‍රිකාවෙන් පැමිණි පුද්ගලයින් බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.