Thursday, April 18, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා කණ්ඩායම අද ලකුණු 204 කට සීමා වෙයි




සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිය පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම අද ලකුණු 204 කට දැවී ගියා.

ඊයේ දිනය නිමාවන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව දැක්වුණේ එක් කඩුල්ලකට ලකුණු 113 ක් ලෙසයි.

ඒ අනුව අද දිනයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරුවන් 09 දෙනෙකු ලකුණු 91 ක් තුළ දවා ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් පන්දු යවන්නන් සමත්වුණා.

ශ්‍රී ලංකා පළමු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූයේ පැතුම් නිස්සංකයි. ඔහු ලකුණු 73 ක් රැස්කළේ හතරේ පහර 05 ක් සහ හයේ පහරක් ද සමගින්.

දිමුත් කරුණාරත්න ලකුණූ 42 ක් රැස්කළ අතර ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 29 ක් රැස් කිරීමට සමත්වුණා. සිය පළමු ටෙස්ට් තරගයකට ක්‍රීඩා කළ චරිත් අසලංකට ලබාගත හැකි වූණේ ලකුණු 10 ක් පමණයි.

දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් කිසිවෙකු නොදැවී ලකුණු 02 ක් රැස් කරගෙන සිටියා.