Friday, March 29, 2024

General line - 0115112241

මහින්දට පක්ෂයෙන් ආරාධනා




ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ සම්මේලනයට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාටද ආරාධනා කරන බව අමාත්‍ය ඩබ්ලිව්.ඞී.ජේ. සෙනවිරත්න පවසනවා.

කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

ගියවර ද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමුළුවට එක්වූ බව පෙන්වා දුන් ඔහු මෙවරත් ඔහුට ආරාධනා කරන බවයි කියා සිටියේ.

පක්ෂයේ සියළුම සාමාජිකයන්ට බේද අමතක කර මෙයට එක්වන ලෙස අමාත්‍යවරයා එහිදී ආරාධනා කළා.