Tuesday, April 23, 2024

General line - 0115112241

වැලිගම ගින්නකින් 08 හැවිරිදි දැරියක් මරුට




මාතර, වැලිගම ප්‍රදේශයේ නිවසක ඊයේ (30) රාත්‍රීයේ ඇති වූ ගින්නකින් 08 හැවිරිදි දැරියක ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලීසිය පැවසුවේ, නිවසේ කාමරයක් තුළ ඇති වූ ගිනි ගැනීමක් හේතුවෙන් වහළ පිළිස්සී ගොස් නිවස තුළට කඩා වැටීමෙන් කාමරයේ නිදා සිටි එම දැරිය ගිනන්ට හසුව පිළිස්සී මියගොස් ඇති බවයි.

රාත්‍රී 10.40 ට පමණ ගින්න හටගෙන ඇති අතර එම අවස්ථාවේ මව, පියා ,දියණියන් දෙදෙනකු හා මිත්තණිය ද නිවසේ සිට ඇති බව අප වාර්තාකරු ප්‍රකාශ කළා.

පිරිස නින්දට ගොස් සිටි අවස්ථාවේ ගින්න හටගෙන ඇති අතර අසල්වාසීන් එක්ව නිවැසියන් පිටතට ගැනීමට කටයුතු කළ ද 08 හැවිරිදි දැරිය පිටතට ගැනීමට හැකියාවක් ලැබී නොමැති බවයි සඳහන් වන්නේ.

පොලීසිය පැවසුවේ, සිද්ධිය සැලවූ වහාම වැලිගම පොලීසිය මාතර ගිනිනිවීම් රථ කැඳවා ගින්න මැඩ පවත්වා කටයුතු කළ බවයි.

මේ අතර මුළුතැන්ගෙයි තිබූ ගෑස් සිලින්නඩරයට , ගෑස් උඳුනට හෝ අනෙකුත් උපාංගවලට කිසිදු හානියක් සිදුව නොමැති බව ත් ඒ අනුව ගෑස් ආශ්‍රිත කරුණක් මත මෙම ගින්න ඇති වී නොමැති බවට දැනට කරන ලද විමර්ශනවලදී නිරීක්ෂණය වී ඇති බවත් පොලීසිය පවසයි.