Thursday, April 25, 2024

General line - 0115112241

ඉන්ධන මිල වැඩි නොකිරීමෙන් කෝටි 7,000 ක පාඩුවක්




ඉන්ධන මිල ගණන් වැඩි නොකිරීම හේතුවෙන් මාස 10 ක් තුළ ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව රුපියල් කෝටි 7,000 ක පාඩුවක් ලබා ඇති බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පවසනවා.

පාර්ලිමේන්තුවේදී අද වාචික පිළිතුරු අපේක්ෂාවෙන් මන්ත්‍රී හේෂා විතානගේ යොමු කළ ප්‍රශ්ණයකට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල ඊට පිළිතුරු ලබාදුන්නේ මෙලෙසයි.

මේ වන විට වසා දමා ඇති සපුගස්කන්ද තෙල් පිරි පහදුව සම්බන්ධයෙන් ද පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මෙහිදී ප්‍රශ්ණ කළා.

එහිදී බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල සහ චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා අතර ඇතිවූයේ මෙවන් සංවාදයක්.

2022 අයවැය විවාදයට අදාළ කාරක සභා අවස්ථා විවාදයේ 08 වන දිනය අදයි. අධ්‍යාපන අමාත්‍යංශය සහ ඊට අදාළ රාජ්‍ය අමාත්‍යංශවල වැය ශීර්ෂයන් මේ වන විට විවාදයට ගැනෙනවා.