Tuesday, April 23, 2024

General line - 0115112241

තලවකැලේත් ගෑස් අනතුරක්




තලවකැලේ ප්‍රදේශයේ නිවසකත් ගෑස් සිලින්ඩරයට සම්බන්ධ කළ ගෑස් නළය සහ ගෑස් ලිප පුපුරා ගොස් තිබෙනවා.

ඒ, අද පෙරවරු 11ට පමණ නිවෙස්හිමියා ගෑස් උඳුනෙන් ජලය රත්කර ගෑස් ලිප ක්‍රියා විරහිර කර නිවසින් පිටතට පැමිණි අවස්ථාවේදියි.

පිපිරීමෙන් කිසිවෙකුටත් තුවාල සිදුවී නොමැති අතර, පිපිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බවයි තලවකැලේ පොලීසිය සඳහන් කළේ.