Friday, April 19, 2024

General line - 0115112241

කොදෙව් - ශ්‍රී ලංකා ටෙස්ට් තරඟය දෙපිළටම විවෘත වෙයි




සංචාරක බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟය දෙපිළටම විවෘත වී තිබෙනවා. 

ඒ, තරඟයේ තුන්වන දිනය වූ අද, දිනය නිමාවන විට ශ්‍රී ලංකා දෙවැනි ඉනිමේ කඩුලු 02 ක් ලකුණු 46 කට බිද වැටීමත් සමඟයි. ඒ අනුව ශ්‍රී ලංකා පිළ කොදෙව්වන්ට වඩා ලකුණු 03 ක් පිටුපසින් සිටිනවා.

තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව සිය ප්‍රථම ඉනිමට රැස් කළේ ලකුණු 204 ක් පමණයි. කොදෙව් පළමු ඉනිම ලකුණු 253 යි. 

එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ රමේෂ් මෙන්ඩිස් ලකුණු 70 කට කඩුලු 06 ක් බිද හෙලුවා. ලසිත් ඇඹුල්දෙණිය හා ප්‍රවීන් ජයවික්‍රම අතරේ කඩුලු 02 බැගින් බෙදී ගියා.