Thursday, April 25, 2024

General line - 0115112241

පළමු වරට ඉන්දියාවෙන් ඔමික්‍රෝන් ප්‍රභේදය වාර්තා වෙයි




ඉන්දියාවෙන් අද පළමු වරට ඔමික්‍රෝන් ආසාදිත පුද්ගලයින් වාර්තා වුණා. ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යංශය අද ප්‍රකාශ කළේ ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදිතයින් දෙදෙනෙකු එරටින් හඳුනා ගැනුණු බවයි. 

එම ආසාදිතයින් දෙදෙනා හඳුනාගෙන ඇත්තේ කර්නාටක ප්‍රාන්තයෙන්. විදෛස් රටකින් ඉන්දියාවට ඇතුළු වී ඇති ආසාදිතයින් දෙදෙනාම පිරිමි පුද්ගලයින් වන අතර එක් ආසාදිතයෙකු 46 වන වියේත්, අනෙක් පුද්ගලයා 66 වන වියේ පසුවන්නෙකු බවයි ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවේ. 

මේ අතර දිල්ලි ගුවන් තොටුපළින් ඉන්දියාවට ඇතුළු වූ විදේශිකයින් හයදෙනෙකු ද කොරෝනා ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබෙනවා. 

ඔවුන්ට ආසාදනය වී ඇත්තේ ඔමික්‍රෝන් ප්‍රභේදය දැයි සොයා මේවනවිට පරීක්ෂණ ක්‍රියාත්මකයි. මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයෙන් ද කොරෝනා ආසාදිතයින් 06 දෙනෙකු හඳුනාගෙන ඇති අතර ඔවුන් ද විදෙස් රටවිල් පැමිණි පුද්ගලයින් වනවා. ඒ අතරින් එක් කාන්තාවක් බි්‍රතාන්‍ය ගුවන් සේවයකට අයත් යානයකින් එරටට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ. 

මේ අතර යුරෝපා රටවල් කිහිපයකින් වාර්තා වන දෛනික කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව මේවනවිට ඉහළ යමින් තිබෙනවා. ඒ අනුව එළඹෙන ජනවාරි මස අගභාගය වනවිට ප්‍රංශය තුළ ව්‍යාප්ත වන ප්‍රමුඛතම කොරෝනා වෛරස් කාණ්ඩය බවට ඔමික්‍රෝන් ප්‍රභේදය පත්වනු ඇතැයි එරට ප්‍රධාන විද්‍යා උපදේශකවරයෙකු අනාවරණ කළා.

ඔහු ඒ බව පැවසුවේ ප්‍රංශයෙන් වාර්තා වන දෛනික කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ ගොස් ප්‍රංශය පස්වන කොරෝනා රැල්ලකට අතවනමින් සිටින පසුබිමක් තුළයි.