Friday, March 29, 2024

General line - 0115112241

ලෝක ශුරයා හමුවේ නිලූකට අත්වූ ඉරණම(UPDATE)




රියෝ ඔලිම්පික් තරගාවලියට ශ‍්‍රී ලංකාවෙන් සහභාගී වූ නිලූක කරුණාරත්න තරග වැදුනු පළමු බැඞ්මින්ටන් ඉසව්වෙන් ඔහු පරාජයට පත් වුණා. ඒ, චීනයේ චෙංලොන්ග් හමුවේයි.

නිලූක තරගයෙන් පරාජයට පත්වූයේ තරගවට දෙකට බිංදුවක් ලෙසයි.


ලොව දෙවැනියා සමග නිලූක තරග බිමේ

Aug 11, 2016 @ 19:31

ශී‍්‍ර ලංකාව නියෝජනය කරමින් බැඞ්මින්ටන් ශූර නිලූක කරුණාරත්න අද (11)රියෝ ඔලිම්පික් තරග බිමට පිවිසෙනවා.

එ් කේවල පිරිමි බැඞ්මින්ටන් ඉසව්ව වෙනුවෙන්.

ඔහු මෙහිදී තරග වදින්නේ ලෝක බැඞ්මින්ටන් ශ්‍රේණිගත කිරීම්වල දෙවන ස්ථානයේ පසුවන චීනයේ චෙන්ලොන්ග් සමගයි.

නිලූක සහභාගී වන තරග ඉසව්ව නියමිත වෙලාවට වඩා ප්‍රමාදවී ආරම්භ වන බවයි වාර්තා වන්නේ.