Thursday, April 25, 2024

General line - 0115112241

නව කොවිඩ් ප්‍රභේදය අමෙරිකාවේ සමාජ සම්ප්‍රේෂණය වෙන ලකුණු : ගුවන් මගීන්ට නව නීති පැනවේ




මේ වන විට ලොවපුරා රටවල් 27 කින් වාර්තා වන දැඩි විකෘති භාවයකින් හෙඹි ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය අමෙරිකාවේ නිව්යෝර්ක් නුවර තුල සමාජ සම්ප්‍රේෂණය වෙමින් පවතින බවට එරට ප්‍රාන්ත සෞඛ්‍ය අංශ සැකපළ කර සිටිනවා.

නිව් යෝර්ක් ප්‍රාන්ත සෞඛ්‍ය කොමසාරිස් වෛද්‍ය ඩේව් චොක්සි ප්‍රකාශ කර සිටියේ ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයින් 05 දෙනෙකු ඊයේ දිනයේදී හඳුනා ගැනීමට හැකිව ඇති බවයි.

මේ අතර අමෙරිකාවට ඇතුල්වෙන සියලුම ගුවන් මගීන් සිය ගුවන් යානයට ඇතුල්වීමට පැය 24කට පෙර සිදුකරන ලද PCR පරීක්ෂණයකින් තමන් කොවිඩ් ආසාදිතයෙකු නොවන බවට තහවුරු කළ යුතු බවට ජනාධිපති ජෝ බ්යිඩ්න් ඊයේ ප්‍රකාශ කර සිටියා.

නව නිතිය ලබන සතියේ සිට බලපැවැත්වෙන බවද අමෙරිකානු ජනාධීපතිවරයා සඳහන් කළේ.

මේ අතර ඊයේ දිනයේදී අමෙරිකාවෙන් කොවිඩ් ආසාදිතයින් 132,822ක් සහ මරණ 1,264ක් වාර්තා වී ඇත. 

ජනාධිපති බයිඩ්න් ප්‍රකාශ කළේ ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදයේ ව්‍යාප්තිය සම්බන්ධයෙන් විද්‍යාඥයින් කරුණු සොයමින් සිටින බවත්, ඉදිරි සීත සෘතුවේදී කොවිඩ් ආසාදිතයින් ගණන ඉහළ යෑමේ වැඩි අවදානමක් ඇති බවයි ඔහු සඳහන් කළේ.