Friday, April 26, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගෙන් මිකී ආතර්ට ජයග්‍රාහී සමුදීමක්




සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවති දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය ලකුණු 164 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත් වුණා. ලකුණු 297 ක ඉලක්කයක් හඹා ගිය බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට තරගයේ අවසන් දිනය වූ අද සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 132 ක් පමණයි.  

ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිම සදහා ලකුණු 204 ක් රැස් කළ අතර ඊට පිළිතුරු ලෙස කොදෙව් කණ්ඩායම පළමු ඉනිම සදහා ලකුණු 253 ක් රැස් කිරීමට සමත් වුණා. ශ්‍රී ලංකා කණ්ඩායම දෙවන ඉනිම සදහා රැස් කළ ලකුණු සංඛ්‍යාව 345 ක්. ඒ අනුව තරග 2 කින් සමන්විත එම තරගාවලිය දෙකට බින්දුවක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම ජය හිමිකර ගත්තා. 

තරගයේ වීරයා ලෙස සම්මාන දිනාගත්තේ දෙවන ඉනිමේදී ශතකයක් වාර්තා කළ ධනංජය ද සිල්වායි. තරගාවලියේ වීරයා ලෙස පන්දුවෙන් දස්කම් දැක්වූ රමේෂ් මෙන්ඩිස් සම්මාන දිනාගත්තා. 

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති මෙම ටෙස්ට් තරග දෙකේදී ඔහු බිද හෙළු කඩුලු සංඛ්‍යාව 18 ක්. දෙවන ටෙස්ට් තරගයේදී පමණක් රමේෂ් මෙන්ඩිස් කඩුළු 11 ක් බිදහෙළුවා. 

ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් ශ්‍රී ලංකා පිල සමග කටයුතු කළ අවසන් ජාත්‍යන්තර තරගාවලියද මෙය වනවා. ඒ අනුව ශ්‍රී ලාංකා ක්‍රීඩකයින් ඔහුට සමුදුන්නේ මෙම තරගාවලිය ජයග්‍රාහීව නිමා කරමින්.