Friday, April 19, 2024

General line - 0115112241

ආසියානු යොවුන් පැරා ක්‍රීඩා උළලේදී ශ්‍රී ලංකාවට පදක්කම් 04 ක්




බහරේනයේ පැවැත්වෙන ආසියානු යොවුන් පැරා ක්‍රීඩා උළලේදී පදක්කම් 4 ක් දිනා ගැනීමට ශ්‍රී ලංකාව ඊයේ සමත් වුණා. රන් පදක්කමක්, රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් 2 ක් ශ්‍රී ලංකාව එහිදී දිනා ගත්තා.

 ශ්‍රී ලංකාවට එහිදී රන් පදක්කම දිනා දුන්නේ මීටර් 400 කාන්තා නිදහස්ආර පිහිනුම් ඉසව්වට එක්වූ යාපා බණ්ඩාර ක්‍රීඩිකාවයි. ජේසන් ජයවර්ධන යගුලිය විසි කිරීමේ ඉසව්වෙන් ශ්‍රී ලංකාවට රිදී පදක්කම දිනා දුන්නා.

ටී 47 කාණ්ඩයෙන් මීටර් 200 ධාවන ඉසව්වට එක් වූ ජනනි වික්‍රමසිංහ එම ඉසව්වේ ලෝකඩ පදක්කම දිනාගත්තා. මීටර් 400 පිරිමි නිදහස්ආර පිහිනුම් ඉසව්වට එක් වූ නවීඩ් රෂීන් ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් වුණා. මෙවර බහරේනයේ පැවැත්වෙන ආසියානු යොවුන් පැරා ක්‍රීඩා උළෙල ලබන 6 වනදා දක්වා පැවැත්වෙනවා.