Friday, March 29, 2024

General line - 0115112241

නවසීලන්ත පන්දු යවන්නෙකුගෙන් ඉතිහාසගත වාර්තාවක්




ටෙස්ට් තරගයක ඉනිමක කඩුලු 10ක් දවා ගත් ලොව තෙවන පන්දු යවන්නා ලෙස නවසීලන්ත දග පන්දු යවන ක්‍රීඩක අජාස් පටෙල් අද වාර්තා පොත් අතරට එක් වුණා. ඒ, සත්කාරක ඉන්දීය කණ්ඩායම සමග මුම්බායිහි පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේදීයි.

මෙහිදී පන්දුවාර 47යි පන්දු 05ක් ක්‍රියාත්මක කළ අජාස් පටෙල් නිලකුණු පන්දුවාර 12ක් සමගින් ලකුණු 119කට කඩුලු 10ක් මෙලෙස දවා ගෙන තිබුණා. මීට පෙර මෙවැනි දස්කමක් දක්වා තිබුණේ එංගලන්තයේ ජිම් ලේඛර් සහ ඉන්දියාවේ අනිල් කුම්බ්ලේයි.

අද තරගයේදී කඩුලු 10ක් දවා ගත් අජාස් පටෙල් 1988 වසරේ මුම්බායිහිදී නුවරදී උපත ලබා ඇති අතර ඔහු මෙම දස්කම සිය උපන් ගම වන මුම්බායිහිදී දක්වා තිබිමද විශේෂත්වයක්. 

33 හැවිරිදි අජාස් පටෙල් වයස අවුරුදු 08ද මුම්බායි සිට නවසීලනත්යට සංක්‍රමණය වී තිබෙනවා. මෙම ටෙස්ට් තරගයේ දෙවන දිනය වන අද  ඉන්දීය පළමු ඉනිම ලකුණු 325කට සීමා වුණා. ඊට පිළිතුරු ලෙස නවසීලන්ත කණ්ඩායම පළමු ඉනිම සඳහා රැස් කර ගත්තේ ලකුණු 61ක් පමණයි. එය කණ්ඩායමක් ටෙස්ට් ඉනිමකදී ඉන්දියාවේදී රැස්කළ අඩුම ලකූුණු සංඛ්‍යාවද වනවා.