Thursday, April 25, 2024

General line - 0115112241

කෙසෙල්වත්තේ වෙඩි තැබීමක් - පුද්ගලයෙකු මරුට 




කොළඹ, කෙසෙල්වත්ත, පරණ යොන් වීදිය ප්‍රදේශයේදී තියුණු ආයුධකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන සොයා පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා. එලෙස ඝාතනය කර තිබුණේ කෙසෙල්වත්තේ පවාස් නමැති අයෙක්. 

මෝටර් රථයකින් පැමිණි පිරිසක් ඔහුව ලුහුබැඳ ගොස් තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ. ඝාතනයට ලක්වූ කෙසෙල්වත්තේ පවාස් නමැත්තා අපරාධ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන කලක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි අයෙකු බව ද පොලීසිය සඳහන් කළා.

ඔහු මෙලෙස ඝාතනයට ලක්ව තිබුණේ ඇප මුදා හැර සිටියදීයි. ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ. 

මේ අතර පෑලියගොඩ, මත්ස්‍ය වෙළඳ සංකීර්ණය අසල ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ඉකුත් 03 වන දින රාත්‍රීයේ එලෙස ඝාතනයට ලක්ව තිබුණේ පෑලියගොඩ, මීගහවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 33 හැවිරිදි වියේ පසුවූ පුද්ගලයෙක්. 

ඝාතනය සම්බන්ධයෙන් පෑලියගොඩ පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් මත සිදුකළ විමර්ශනවලදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය පැවසුවේ. 

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 42 හා 45 හැවිරිදි වියේ පසුවන පෑලියගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙක්. සැකකරුවන් අළුත්කඩේ මහේස්ත්‍රාත්වරයා හමුවට අද ඉදිරිපත් කිරීමට නියමිතයි.